හෙට සිට දුම්රිය ගමන්වාර 42ක් අවලංගුයි

හෙට (12) සිට නැවත දැනුම් දෙනතුරු කෙටි දුම්රිය ගමන්වාර 42 ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ,පවතින සේවක හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව ප්රධාන මාර්ගයේ ගමන් වාර 20ක්, මුහුදු බඩ මාර්ගයේ ගමන්වාර 16ක්, පුත්තලම මාර්ගයේ ගමන්වාර 4ක් සහ, කැළණි වැලි මාර්ගයේ ගමන් වාර 2ක් මෙලෙස දිනකට අවලංගු වෙනවා.

