දරුවා පාසලට ඇරලවා ආපසු යද්දී පියා වෙඩි පහරින් මරුට

අද (11) උදෑසන 7.00ට පමණ ඇඹිලිපිටියේ – පනාමුර ප්රදේශයේ පාසලකට සිය දරුවා ඇරලවා යතුරුපැදියෙන් ආපසු නිවස බලා යමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පනාමුර පොලිසිය පවසයි.
වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ පනාමුර, ඕමල්පෙ, කැම්පනේ ප්රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන හතලිස් අට හැවිරිදි පුද්ගලයකි.
උදෑසන දරුවා යතුරුපැදියෙන් පාසලට ඇරලවා ආපසු නිවස බලා යමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන නොමැති අතර පනාමුර පොලිසිය මේ පිලිබදව වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි.

