ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්වරයා විදේශ අමාත්‍යාංශයට කැඳවයි

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්වරයා විදේශ අමාත්‍යාංශයට කැඳවයි

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් විමසීම සඳහා මෙරට කැනේඩියානු මහකොමසාරිස්වරයා විදේශ අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා.

අද (11) පෙරවරුවේ මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මෙන්ම මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට කැනේඩියානු ආගමන හා සරණාගත ආරක්ෂණ පනත යටතේ සම්බාධක පැනවීමක් සිදුකරනු ලැබුවා.

1983 වසරේ සිට 2009 වසර දක්වා මෙරට පැවති සිවිල් ගැටුම්වල දී මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම්වලට අදාළව මෙම සම්බාධක පැනවීම සිදුකළ බවයි කැනේඩියානු රජය නිවේදනය කළේ.

ඒ අනුව මෙම පිරිසට කැනඩාවට ඇතුළු වීමද තහනම් කර තිබෙනවා.