අදත් වැසි රහිත කාලගුණයක්

අද (12) දිවයිනේ බොහෝ ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.
සුළං ඊසානදෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-35) පමණ වෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ වැඩි විය හැකියි.
මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත් , හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ විටින් විට රළු වෙයි.
තවද දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශ මඳ වශයෙන් රළු විය හැකි බව ද කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.

