බන්ධනාගාරගත රැදවියන් 19ක් හෙට නිදහස්

බන්ධනාගාරගත රැදවියන් 19ක් හෙට නිදහස්

බන්ධනාගාරගතව සිටින රැදවියන් 19දෙනෙකු හෙට (17) දින නිදහස් කරන බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පවසනවා.

ඒ, ඔවුන්ගේ යහපත් කල්ක්‍රියාව හේතුවෙන්.

බන්ධනාගාර පුනරුත්ථාපන නිළධාරීන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ මෙම සිරකරුවන් සමාජ ගත කරනු ලබන බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

ඒ අනුව, වැලිකඩ, බදුල්ල, ඇඟුණකොළපැලැස්ස, වටරැක, අනුරාධපුර, වීරවිල හා පල්ලේකැලේ යන බන්ධනාගාරයන්හි රඳවා ඇති රැඳවියන් 19ක් හෙට (17) දින නිදහස් වීමට නියමිතයි.