ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

කළුතර, වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම, පයාගල යන ප්‍රදේශවලට අද පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ කෙත්හේන ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන්ය.

මේ අතර ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය සඳහා අද පෙරවරු 9.00 සිට රාත්‍රි 11.00 දක්වා පැය 14ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ, වක්වැල්ල ජල පවිත්‍රාගාරය ආශ්‍රිතව සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

COMMENTS