මැයි 9 නොසන්සුතාවට කරුණු දැක්වීමට පොලිස්පතිවරයා ඇතුලු 18කට නොතීසි

මැයි 9 නොසන්සුතාවට කරුණු දැක්වීමට පොලිස්පතිවරයා ඇතුලු 18කට නොතීසි

පසුගිය වසරේ මැයි 9 වනදා ඇතිවූ නොසන්සුන්තාවයේදී දේශපාලනඥයින්ගේ නිවෙස්වලට පහරදී ගිනිබත් කිරීමේ සිද්ධිය ගැන විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුලු ආරක්ෂක නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (16) තීරණය කළා.

ඒ අනුව පෙත්සමේ වග උත්තරකරුවන් වන පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, යුද හමුදාපතිවරයා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුලු 18 දෙනෙකුට පෙබරවාරි මස 24 වනදා කරුණු දක්වන ලෙසටයි නොතීසි නිකුත් කෙරුණේ.

මැයි 9 වනදා නොසන්සුන්තාවයේ දී නිවාස හානි වූ දේශපාලනඥයින් 39 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

COMMENTS