කෘෂිකර්ම උපදේශක නිලධාරීන් පේරාදෙණියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක

වෘත්තිය ගැටළු කිහිපයක් සඳහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් කෘෂිකර්ම උපදේශක නිලධාරීන් පේරාදෙණියේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවක් සහ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.
ඊට මධ්‍යම රජයේ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සංගමය සහ සමස්ත ලංකා කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සම්මේලනයේ සාමාජිකයන් එක්ව සිටිනවා.
ඔවුන් පේරාදෙණිය – ගලහ මංසන්ධියේ සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය දක්වා විරෝධතා පා ගමනකින් පැමිණීමෙන් අනතුරුවයි අඛන්ඩ සත්‍යග්‍රහය ආරම්භ කළේ.
ගැටළු පිළිබඳව බලධාරීන් දැනුවත් කළත් මේ දක්වා ඊට විසඳුම් ලැබී නොමැති බව ප්‍රකාශ කරන ඔවුන්, රට පුරා පැතිර යන ගොයම් පැළ කහ පැහැ ගැන්වීමේ රෝග මර්දනය සඳහා හෝ කිසිදු පහසුකමක් තමන්ට ලබාදී නොමැති බව සඳහන් කරනවා.

