සරසවි සිසුවියකගේ ඝාතනයට සරසවි සිසුවෙක් අත්අඩංගුවට

කොළඹ තුරඟ තරඟ පිටියේදී විශ්වවිද්‍යාල සිසුවියකට උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සැක කෙරෙන විශ්වවිද්‍යාල සිසුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිසුවා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුව වැඩිදුර පරීක්ෂණ සඳහා කුරුඳුවත්ත පොලීසියට ගෙනඒමට නියමිත බව වාර්තා වනවා.
එම තරුණිය 24 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් බවත් විද්‍යා පීඨයේ තෙවැනි වසරේ සිසුවියක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළා.

