පිරිමි සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම් වෙන ලකුණු

පිරිමි සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම් වෙන ලකුණු

පිරිමි පුද්ගලයින්ව කාන්තාවන් විසින් සම්භාහනය කිරීම අත්හිටුවීමට තීරණය කර ඇති බවට වාර්තා වෙනවා.

ඒ අනුව පිරිමින්ට පිරිමි සහ කාන්තාවන්ට කාන්තාවන් පමණක් සම්බාහන රාජකාරියේ නිරත විය හැකි අන්දමින් නීති සම්පාදනය වන බව ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් ධම්මික අබේගුණවර්ධන පවසයි.

ඒඩ්ස් ඇතුළු ලිංගිකාශ්‍රිත රෝග බහුල වශයෙන් සම්බාහන මධ්‍යස්ථාන හරහා ව්‍යාප්තවීම නිසා මෙලෙස නීති සම්පාදනය කිරීමට තීරණය කර ඇත.

සම්බාහන මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු අතර පළපුරුදු වෛද්‍යවරයකුද අනිවාර්ය විය යුතුය. එසේම සම්බාහන කටයුතුවල නිරත වන කාර්ය මණ්ඩලය වෘත්තීයමය දැනුමකින්, පුහුණුවකින් හෙබි විය යුතු බවත් කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය