අරගලයේ අම්මාවරුන් වසන්ත නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් ලබා ගනී

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අරගලයේ අම්මාවරුන්ගේ සංවිධානය අද(18) මහජනතාවගේ අත්සන් ලබා ගැනීමට කටයුතු කළා.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින වසන්ත මුදලිගේ නිදහස් කාන ලෙස ඉල්ලා පසුගියදා විරෝධතා කිහිපයක් ද පැවැත් වුණා.
මේ අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නීතිඥවරුන් පිරිසක් අද(18) දහවල් විරෝධතාවක නිරත විය.
ඒ, අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මියට ඊයේ (17) මුහුණ දීමට සිදුවූ තත්ත්වය මුල් කරගනිමිනි.
ශිෂ්‍ය ක්‍රියාකාරී වසන්ත මුදලිගේ මහතා සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කළ නඩුව ඊයේ (17) විභාගයට ගත් අවස්ථාවේ, ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් සිව් දෙනෙකුගේ දිවුරුම් ප්‍රකාශ මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්, දිලීප පීරිස් මහතා අතිරේක මහේස්ත්‍රාත්වරිය නඩුව විභාග කිරීම සුදුසු නොවන බව ප්‍රකාශ කළේ ය.
එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කිරීමට ඊයේ (17) පියවර ගත් අතර අද (18) මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට රැස්වූ නීතිඥවරුන් අතිරේක මහේස්ත්‍රාත්වරියට නැගූ චෝදනාවලට විරෝධය පළ කළ අතර පිරිස කෙසෙල්වත්ත මංසන්ධිය දක්වා පා ගමනක ද නිරත වූහ.

