කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂගේ කාර්යාලය වටලයි

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂගේ කාර්යාලය වටලයි

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් මහතාගේ කාර්යාලය රෝහල් සුළු සේවකයන් පිරිසක් විසින් වටලා තිබේ.

රජයේ ඇතැම් රෝහල්වල සුළු සේවකයින් රාජකාරී වේලාවන් තුළ අයිස් හා ගංජා භාවිතා කර සේවයේ යෙදෙන බවට වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කර ඇති ප්‍රකාශයට විරෝධය පළ කරමින් මෙලෙස සුළු සේවකයින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ නිල කාමරය වටලා ඔහුව බලහත්කාරයෙන් රඳවා ගෙන ඇති බවට වාර්තා වෙන්නේ.