ජොනීට එරෙහිව පුර්ව නඩු විභාගයක් පෙබරවාරි 28

ජොනීට එරෙහිව පුර්ව නඩු විභාගයක් පෙබරවාරි 28

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතලු තුන් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් පුර්ව නඩු විභාගය සඳහා පෙබරවාරි මස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ, වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් එම ආයතනයේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාවල යෙදීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම පවරා තිබූ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී යි.

එහිදී විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළව ලබාදී ඇති ලේඛන පරික්ෂා කර දැනුම් දිම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

2010 වසරේ සිට 2014 දක්වා කාලසීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් රාජකාරි වලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදීම තුළින් රජයට පාඩු කළේයැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජෙන්ස්ටන් ප්‍රනාන්දු, එම ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු, හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහි ව මෙම නඩුව පවරා තිබෙනවා.