ද්විත්ව ශතකයක් වාර්තා කළ ඉන්දියාවේ පොඩි කොල්ලා

එක්දින පිටියේ ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව ලාබාලම ක්‍රීඩකයා ලෙස ඉන්දීය කණ්ඩායමේ සුබ්මන් ගිල් ඊයේ වාර්තා අතරට එක් වුණා.
නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඊයේ පැවති එක්දින ක්‍රිකට් තරඟයේදී ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු සුබ්මන් ගිල් ලකුණු 208 ක් රැස් කරමින් මෙම වාර්තාව පිහිටුවනු ලැබුවා.
මේ වන විට 23 හැවිරිදි වියේ පසුවන සුබ්මන් ගිල් පන්දු 149කට මුහුන දෙමින් රැස් කළ ලකුණු 208 අලංකාර හතරේ පහර 19 කින් හා හයේ පහර 09 කින් වර්ණවත් වුණා.
මෙම තරඟයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 08 ක් දැවී ලකුණු 349 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම හොඳ තරගයක් ලබාදෙමින් පන්දුවාර 49යි පන්දු 2 කදී සියලු දෙනා දැවී ලකුණු 337 ක් රැස් කිරීමට සමත් වුණා.
මිචෙල් බ්‍රේස්වෙල් පන්දු 78කදී වේගවත් ලකුණු 140 ක් රැස් කරමින් තරඟයට යම් ජීවයක් ලබා දුන්නා.
ඔහුගේ ඉනිමට හයේ පහර 10 ක් හා හතරේ පහර 12 ක් අන්තර්ගත වුණා.
පන්දු යැවීමේදී ලකුණු 46 කට කඩුළු 04 ක් බිද හෙළුවා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම පළමු එක්දින තරගය ලකුණු 12 කින් ජයගත්තා.

