අපිත් සූදානම් සහාය දෙන්න, ඉන්දියාව ශ්‍රී ලංකාවට දක්වන සහාය ගැන සතුටුයි

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදයෙන් නැගී සිටීම සඳහා ඉන්දියාව ලබා දෙන ප්‍රබල සහාය දැකීම සතුටට කරුණක් බව, මෙරට අමෙරිකානු තානාපතිවරිය වන ජූලි චංග් මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.
එසේම, සියලුම ණයහිමියන් සාධාරණ සැළකීමට එකඟ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය විවෘත කරමින් ශ්‍රී ලංකාවට සහාය වීමට එක්සත් ජනපදය සූදානම් බවද අය ප්‍රකාශ කර තිබුණා.

