නැඳුන්ගමුවේ රාජාට කොළඹ කෞතුකාගාරයේ ඉඩක් වෙන්වෙයි

නැඳුන්ගමුවේ රාජාට කොළඹ කෞතුකාගාරයේ ඉඩක් වෙන්වෙයි

නැඳුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කොළඹ ජාතික කෞතුකාගාර භූමියේ සිදු කිරීමට තීරණය කර ඇත.

රාජාගේ සිරුර සංරක්ෂණයට මහනුවර ප්‍රදේශයේ ගැටඹේ විහාරය,බෝගම්බර බන්ධනාගාර භූමිය,අස්ගිරි විහාරය යන ස්ථාන යෝජනා වී තිබුණි.

නමුත් ස්ථාන තුන සම්බන්ධයෙන් ගැටලු පැන නැගුණු නිසා මෙම තීරණය ගත් බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ කෞතුකාගාර නිලධාරීන් එම ස්ථාන අද නිරීක්ෂණය කළේය.

ඒ අනුව අදාළ ස්ථාන වල ගැටළු කිහිපයක් පැන නැගීම නිසා තීරණය කර ඇත්තේ කොළඹ ජාතික කෞතුකාගාරයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරය තුළ සංරක්ෂණය කිරීමටය.

COMMENTS