උසස් පෙල විභාගය පැවත්වෙන කාලය තුල විදුලිය විසන්ධි කරන්න එපා – PUCSL සභාපති

විභාග කාලසටහනේ විභාග පැවත්වෙන කාලය තුල හා රාත්‍රි කාලයේදී විදුලිය විසන්ධිකිරීම නිසා විභාග අපේක්ෂකයින් අපහසුතාවට හා දුෂ්කරතාවයට පත් වන බව විභාග කොමසාරිස් ජනරාල් විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දන්වා තිබුණා.
ඊට ප්‍රතිචාර ලෙස උසස් පෙල විභාගය සාර්ථකව පැවත්වීමට විදුලිය විසන්ධි කිරීමෙන් වැළකීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් බව ලංකා විදුලිබල මණ්ඩලය කොමිෂන් සභාව වෙත දන්වා තිබෙනවා.
මේ සම්බන්දයෙන් අදහස් පල කල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ජනක රත්නායක…
සිසු දරුවන් තුන්ලක්ෂ පනස්දහසක් පමණ පෙනී සිටින උසස් පෙල විභාගය අඩාල වීමට ඉඩ නොදී ක්‍රියාකිරීම රජයේ මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ ද වගකීමකි. ජාතික වැදගත්කමකින් හා රටේ මතු පරපුරේ අනාගතය තීරණය කරන උසස් පෙල කඩයිම් විභාගය සාර්ථකව හා අපහසුවකින් තොරව පැවත්වීමට විදුලිය සැපයීම සදහා අදාල පාර්ශ්වයන් සමඟ සම්බන්ධ වී ක්‍රියාකිරිම ලංකා විදුලිබල මණ්ඩලයේ වගකීමකි.
විභාගයට පෙනී සිටින සිසු දරුවන්ට දුෂ්කරතාවලින් තොරව විභාගයට පෙනීසිටීම සදහා මෙන්ම විභාගය සාර්ථකව පැවත්වීම සදහා විභාග දෙපාර්තමේන්තුවට සහාය වෙමින් කොමිෂන් සභාවේ විසදුම් යෝජනාව ක්‍රියාත්මක කිරීමට රජය හා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාකරනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අපේක්ෂා කරයි.
එසේම දැයේ දු දරුවන් වෙනුවෙන් විභාගය පවත්වන කාලය තුල විදුලි ඉල්ලුම අඩුකිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන හා විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම විභාග පැවත්වෙන කාලය තුල (කාර්ය බහුල වේලාවන්හිදී) වායුසමීකරණ යන්ත්‍ර භාවිත නොකිරීම හා වෙනත් ආකාරයන්ගෙන් විදුලි පරිභෝජනය අවම කිරීමට ක්‍රියාකර විදුලි ඉල්ලුම අඩු කල හැකිය. විදුලිය ඉල්ලුම කළමනාකරනය කර විභාගය පැවත්වෙන කාලය තුලදී අවශ්‍ය විදුලි සැපයුම ලබාදීමට සියලු පාර්ශ්වයන් සහාය වනු ඇතැයි කොමිෂන් සභාව අපේක්ෂා පල කරනවා.

