කුරුණෑගල නගරාධිපති ධූරයෙන් නෙරපයි

කුරුණෑගල නගරාධිපති ධූරයෙන් නෙරපයි

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ධුරයෙන් නෙරපා හරිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ විසින්.

එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ කුරුණෑගල නගරාධිපතිවරයා විසින් මෙම වර්ෂයට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය සම්මත නොකිරීම සහ 2020 වසරේ මහනගර සභා අයවැය සම්පාදනය හා බලාත්මක කිරීමේ නියෝග ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මෙලෙස ධුරයෙන් ඉවත් කරන බවයි.

පසුගිය දෙසැම්බර් 31 සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ ලෙස සළකන බව ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම නගරාධිපති ධූරය පුරප්පාඩු වූවා සේ සළකා එහි රාජකාරි ආවරණය කිරීමේ වගකීම නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙත පවරා තිබෙනවා.