වැඩි මිලට බිත්තර වික්කොත් වැඩ වරදී

පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්රික් විමර්ශන ඒකකය මගින් සිදු කළ සෝදිසියකදී වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳුන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බිත්තර අලෙවි කිරීම සදහා උපරිම මිලක් නියම කරමින් 2023 ජනවාරි 20 වන දින සිට බල පැවැත්වෙන පරිදි ගැසට් පත්රයක් නිකුත් කර තිබියදී රුපියල් 50 සිට රුපියල් 60 අතර මිල ගණන් යටතේ අලෙවි කිරීම මත කිරිබත්ගොඩ, කැලණිය, මාකොළ සහ පට්ටිය හන්දිය යන ප්රදේශවල පසුගිය ජන. 21 සිදු කළ සෝදිසියේදී වෙළඳුන්ට නීතිමය පියවර ගනු ලැබූ බව ගම්පහ දිස්ත්රික් විමර්ශන ඒකක ප්රධානී රංජිත් වීරවර්ධන පැවසීය.
පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල සහ ගම්පහ දිසාපති සමන් දර්ශන පාඩිකෝරාල යන නිලධාරීන්ගේ උපදෙස් පරිදි ගම්පහ විමර්ශන ප්රධානී රංජිත් වීරවර්ධන ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදු කර ඇත.
අත්අඩංගුවට පත් වෙළඳුන් නියම කරනු ලබන දිනකදී මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් වීමට යටත්ව බැඳුම්කර ඇප මත මුදා හැර තිබේ

