ගෑස් මිල වැඩි වෙයි ද ?

පෙබරවාරි මස වනවිට දේශීය LP ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල ඉහළ යාමේ හැකියාවක් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
ඒ ජාත්‍යන්තර වෙළෙඳපොළේ දැන් පවතින මිල ගණන්වලට සාපේක්ෂවයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් මිල රුපියල් 500කින් පමණ අගයකින් ඉහළ යනු ඇති.
මෙම වසරේ ජනවාරි මස 04 වැනි දින අවසන් වරට ගෑස් මිල පහළ බැසීමක් සිදු වුණා.
ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කළේ, එම අගය රුපියල් 200-300 ත් අතර මුදලකින් අඩු වීමට ඉඩකඩ ඇති බවයි.
මේ වනවිට වෙළෙඳපොළේ කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 4409ක මුදලකටයි.
ලාෆ් ගෑස් සිලින්ඩරයක් (12.5Kg) අලෙවි වන්නේ රුපියල් 5,300ක මුදලකටයි.

