විදුලි බිල වැඩි කරන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා පෙත්සමක්

විදුලි බිල වැඩි කරන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා පෙත්සමක්

ජනවාරි මස 01වනදා සිට විදුලි බිල්පත් ගාස්තු සංශෝධනය කර ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා විදුලි පාරිභෝගිකයින්ගේ සංගමය, එහි ලේකම් සංජීව ධම්මික, පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ හා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු සංවිධාන සහ පුද්ගලයින් පිරිසක් අද අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, විදුලිබල හා බලශක්ති අමාතවරයා, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ කැබිනට් මණ්ඩලයේ සියලු සාමාජිකයින්, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයින් ඇතුළු පිරිසකි.

COMMENTS