Microsoft Teams සහ Outlook සේවාවන් බිඳ වැටේ

Microsoft Teams සහ Outlook සේවාවන් බිඳ වැටේ

Teams සහ Outlook ඇතුළු Microsoft සේවා වෙත පිවිසීමට නොහැකි යැයි ලොව පුරා පරිශීලකයින් වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවේද පරිශීලකයින් විශාල සංඛ්‍යාවක් මෙම ගැටලුවට මේ වනවිට මුහුණ දී සිටියි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක්සත් රාජධානියේ පමණක් 5,000කට අධික පරිශීලකයින් පිරිසක් විද්‍යුත් තැපැල් සේවාවක් වන Outlook වෙත පිවිසීමට නොහැකි යැයි වාර්තා කර ඇති බව ය.

අනෙකුත් සේවා වන Teams සහ Xbox Live ද බිඳ වැටී ඇතැයි එම වාර්තාවල දැක්වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Microsoft ආයතනය සඳහන් කර ඇත්තේ, බිඳ වැටීම පිළිබඳව විමර්ශනයක් සිදු කරමින් සිටින බව ය.

ලොව පුරා පරිශීලකයින් මිලියන 280කට අධික පිරිසක් Microsoft Teams භාවිත කරන අතර එය වැඩි වශයෙන් ව්‍යාපාර කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට භාවිත කරයි.

COMMENTS