ගම්පොළ බැංකුවක ATM යන්ත්‍රයකට විදලා

ගම්පොළ බැංකුවක ATM යන්ත්‍රයකට විදලා

අයුද සන්නද්ධ පිරිසක් ගම්පොළ නගරයේ පෞද්ගලික බැංකුවක ස්වයංක්‍රීය ගනුදෙනු ඒකකයේ මුදල් තැන්පත් යන්ත්‍රය කොල්ල කා පළා ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද (25) අලුයම වෑන් රථයකින් පැමිණ බැංකුවේ ආරක්ෂක නිලධාරියා බිය ගන්වා මෙම කොල්ලය සිදු කර ඇති බවයි.

කොල්ල කෑ මුදල කොපමණ ද යන්න මෙතෙක් ගණන් බලා නැත.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.