සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 6ක මිල බස්සයි

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 6ක මිල බස්සයි

සතොස ආයතනය මගින් හෙට සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ 6 ක මිල පහත දමා තිබෙනවා.

වියළි මිරිස් කිලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 30 කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1700 ක්. සුදුකැකුළු කිලෝවක් ද රුපියල් 10 කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 169 ක් වන අතර, රතු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 8 කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 179 ක්.

එමෙන්ම,සුදු නාඩු කිලෝවක් ද රුපියල් 5 කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 184 ක් බවයි සතොස ආයතනය ප්‍රකාශ කළේ. කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 4 කින් සහ රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 5 කින් ද අඩු කර තිබෙනවා.

ඒ අනුව රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 365 කට අලෙවි වන බව සතොස ආයතනය කියා සිටියා.

COMMENTS