දේශබන්දු තෙන්නකෝන්ට සිතාසී

දේශබන්දු තෙන්නකෝන්ට සිතාසී

අරගලය පැවති සමයේ කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක මුදල මහජන ආරක්ෂක ඇමැතිවරයාට භාර දෙන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී සාපරාධී විශ්වාසය කඩ කළැයි කියන සිද්ධියකට අදාළව ලබන පෙබරවාරි මස 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අද (26) සිතාසි නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙහි පැමිණිලිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයේ පෙනී සිටියේය.