ඡන්දෙට සල්ලි දෙන එක අපේ වැඩක් නෙවෙයි – මහ බැංකු අධිපති

ඡන්දෙට සල්ලි දෙන එක අපේ වැඩක් නෙවෙයි  – මහ බැංකු අධිපති

බදු වැඩි කිරීම සහ මැතිවරණය සඳහා මුදල් ලබා දීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගකීම පවතින්නේ මුදල් අමාත්‍යාංශයට සහ මහා භාණ්ඩාගාරයට බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

මහ බැංකු අධිපතිවරයා එලෙස පවසා සිටියේ ඊයේ (25) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මෙම වසර සඳහා වන පළමු මුදල් ප්‍රතිපත්ති විවරන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“මැතිවරණය පැවැත්වීම සුදුසුද? නැද්ද? කියලා අදහස් දක්වන්න අපිට අවශ්‍ය නැහැ. ඒක අපිට අදාළත් නැහැ. ප්‍රධාන හේතුව මහ බැංකුව කියන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආයතනයක්. මැතිවරණය තියෙන්නේ අපේ රාමුවෙන් පිටත.

මැතිවරණ කොමසාරිස්තුමා මටත් ලියුමක් එවලා තිබ්බා.. ඇත්තටම විශාල වශයෙන් පෝළිම් තිබෙන කොට අපි කරගෙන යන්නේ අත්‍යවශ්‍ය දේවල්වලට ප්‍රමුඛතාවය දෙන එක.

දෙසැම්බර් සිට විදේශ විනිමය ලැබීම වර්ධනයක් තිබුණු නිසා.. අපි විසින් මැදිහත් වෙලා විදේශ විනිමය සපයාදීම වෙනුවට අපි කියලා තිබ්බා බැංකුව දැන් සංචිත තිබෙනවා ඒනා ඉන්ධන වැනි අත්‍යවශ්‍ය දේවල්වලට අවශ්‍ය මුදල් ඒ හරහා ලබාගන්න කියලා.

එහෙම ලබාගන්න බැරි වුණොත් විතරක් අපේ තියෙන ඒවාවලින් දෙන්නම් කියලා. ඒක තමයි දැන් යන ක්‍රමය.

දැන් විදේශ විනිමය පැත්තෙන් විශාල හිඟයක් බැංකු ක්‍රමය තුළ නැහැ. මාකට් එකේ සල්ලි තිබෙනවා.”

ප්‍රශ්නය – මැතිවරණයට වියදම් කිරීමට මුදල් තිබෙනවා ද?

මහ බැංකු අධිපති – “ඒක ඇත්තටම අහන්න ඕනේ භාණ්ඩාගාරයෙන් තමයි. මුදල් වෙන් කිරීම මහා භාණ්ඩාගාරයේ තිබෙන කටයුත්තක්. භාණ්ඩාගාර ලේකම්තුමා ඒ ගැන උසාවියටත් ප්‍රකාශයක් කරලා තිබ්බා. එතැනින් තමයි ඒකෙ පිළිතුර දැනගන්න වෙන්නේ.” යනුවෙන්