මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වීම මැතිවරණයට බලපෑමක් වෙයිද ?

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වීම මැතිවරණයට බලපෑමක් වෙයිද ?

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික පී.එස්.එම්. චාල්ස් සිය සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශ කර ඇත්තේ, ඇයගේ ඉල්ලා අස්වීම ඉදිරි පළාත් පාලන මැතිවරණයට බලපෑමක් නොවන බව ය.

මේ අතර, සාමාජිකයෙකු ඉල්ලා අස්වීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වයට බලපෑමක් සිදුවන්නේ ද? යන්න සම්බන්ධයෙන් එහි හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පැහැදිලි කිරීමක් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ව්‍යවස්ථාව උපුටා දක්වා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, කොමිෂන් සභාවේ සාමාජිකත්වයේ යම් පුරප්පාඩුවක් තිබුණ ද ඒ නොතකා ක්‍රියාකිරීමට කොමිෂන් සභාවට බලය ඇති බව ය.

එවැනි පුරප්පාඩුවක් තිබූ පමණින් ම හෝ යම් සාමාජිකයකු පත් කිරීමෙහි දෝෂයක් තිබූ පමණින් ම, කොමිෂන් සභාවේ යම් ක්‍රියාවක් හෝ කටයුත්තක් හෝ තීරණයක් නිර්බල නොවන බව ත් නිර්බල වන්නේ යැයි නොසැලකිය යුතු බව ත් ඔහු පෙන්වා දී ඇත.

අදාළ සටහන පහතින් දැක්වේ.