වසන්ත මුදලිගේ තවත් නඩුවකින් ඇප මත නිදහස්

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ එක් නඩුවකට අදාළව ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (27) පියවර ගත්තා.
ඒ පසුගිය වසරේ සැප්තැම්බර් මස ගාලු මුවදොර පැවති විරෝධතාවක දී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා සිදු කිරීම සම්බන්ධ වන නඩුවකට අදාළවයි.
ඒ අනුව රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප මත සැකකරු මුදාහරින ලෙසටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

