මෙවර නිදහස් උත්සවයට කුකුල්ලොත් පා ගමනේ එන්නට සැරසෙයි

75 වැනි නිදහස් දිනයට පෙර රටේ බිත්තර ප්රශ්නය විසඳීමට පියවර ගත යුතු බව සමස්ත ලංකා ආපණ ශාලා සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.
එය කිරීමට වත්මන් රජය අපොහොසත් වන්නේ නම්, පෙබරවාරි 4 වැනි දින රටේ ම කිකිළියන් රැගෙන එම සතුන්ගේ හඬ ඇසීමට සලස්වන බවයි සඳහන් කර ඇත්තේ.
ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ, නිදහස් දින දාට බිත්තර හා කුකුල්ලුයි රැගෙන පා ගමනින් නිදහස් උත්සවයට පැමිණෙන බවයි.
රටේ පාලකයින්ට බිත්තර ගැටලුව විසඳාගත නොහැකිව කෙසේ නම් රටේ විශාල ප්‍රශ්න සහ ව්‍යවස්ථාමය ගැටලු විසඳන්නේ දැයි යන පැනය ද සමස්ත ලංකා ආපණ ශාලා හිමියන් ප්‍රශ්න කර සිටිනවා.

