මහජන උපයෝගීතා කොමිසමෙන් ඒකමතික තීරණයක්

අතීතයට බලපාන ආකාරයට ගාස්තු සංශෝධනය කිරීමට අනුමැතිය නොදීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ, මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකන්ගේ සහභාගීත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (31) පැවති රැස්වීමක දී ය.
මෙම රැස්වීමට රජයේ එම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු යැයි මුලින් පැවසු සාමාජිකයන් තිදෙනාද සහභාගි වී සිටියා.
කොමිසමේ උපසභාපති උදේනි වික්‍රමසිංහ, සාමාජිකයන් වන මහාචාර්ය මොහාන් සමරනායක සහ චතුරිකා විජේසිංහ එම තිදෙනායි.
මේ අතර විදුලි පාරිභෝගිකයන්ට සූර්යබල බැටරි සහිත දෙමුහුන් පද්ධති මධ්‍යම ජාලයට සම්බන්ධ කර ක්‍රියාත්මක කිරීමට මේ වනවිට අවකාශ ලැබී තිබෙනවා.

