එළඹෙන 08 වැනිදා රටම නවතී ද ?

නව බදු ප්‍රතිපත්තියට වෘත්තිකයින් වෙතින් එල්ල වී තිබෙන විරෝධය ආණ්ඩුව විසින් තවදුරටත් නොසලකා හැර තිබීම නිසා එළඹෙන 08 වැනිදා රට පුරා පෞද්ගලික අංශයේ සිදුකරන ප්‍රතිකාර සේවාවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමය පවසනවා
ඒ අනුව පෞද්ගලික අංශයේ සිදුකරන එදිනෙදා සාමාන්‍ය සේවා 08 වනදා දිනය තුළ සිදු නොවන බවත් හදිසි ප්‍රතිකාර සේවා පමණක් සිදුකරන බවයි අද (06) පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.
කෙසේ නමුත් හෙට (07) පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.
ඒ අනුව සෞඛ්‍ය,විදුලි, විශ්ව විද්‍යාල,ගුවන් සේවා, ජාල සම්පාදන ඇතුළු සියලුම වෘත්තීය සේවා එදිනට අඩපණ වන බවයි වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළේ.
මේ අතර විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක නදීශ සිල්වා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ
එළඹෙන 08 වැනිදා ක්‍රියාත්මක වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු සිදුකිරීම හැර ප්‍රධාන රැස්වීම්වලට සහභාගී නොවීමට විධායක සභාව තීරණයක් ගත් බවයි.
මේ වන විට මිනිසුන්ගේ අයිතිවාසිකම් එළිපිට ගිනිගනිමින් තිබෙන අතර රාජ්‍ය ත්‍රස්තවාදය විසින් ජනතාවගේ බෙලි කපන තැනට පත්ව තිබෙන බවයි ඔහු සඳහන් කළේ.
ආණ්ඩුව දැන් උත්සහ කරමින් ඉන්නේ ප්රචණ්ඩ ප්රතිවිරෝධයක් දක්වා ජනතාව රැගෙන ගොස් ජන්ද අයිතිය උදුරා ගැනීමටද යන ප්රශ්නය පවතින බවද නදීශ සිල්වා මහතා ප්‍රකාශ කළේය.
”ඉතිහාසයේ අපි කවදාවත් දැකල නැහැ වෘත්තිකයින් මෙතරම් විරෝධය දක්වද්දීත් ඒ හඩට ඇහුම්කන් නොදෙන දේශපාලකයන් මේ රටේ ජීවත් වෙනවා. අපිට සාධාරණ සැකයක් තිබෙනවා මේ ප්රශ්නය උඩු දුවන්න දීලා වගකීමත් අවසානයේ රටේ පුරවැසියෝ වෙන වෘත්තිකයෝ වෙන අපි අතරටම දාලා ජන්ද අයිතියත් නැති කරන්නද හදන්නේ කියල. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා එහෙම සෙල්ලම් දාන්න එපා. දැන් දොං නම් දොං සිමං නම් සිමං,ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා ඉදිරිය ඉතාම භයානකයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.” යනුවෙන්

