බිත්තර මිලට උසාවියේදී පොරොන්දුවක්

බිත්තර මිලට උසාවියේදී පොරොන්දුවක්

බිත්තර සඳහා නව පාලන මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි, අභියාචනාධිකරණය හමුවේ අද ප්‍රකාශ කෙරුණා.

ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, පාරිභෝගික සේවා අධිකාරිය යි.

අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ බව කියා සිටියා.

නව ගැසට් නිවේදනය අනුව සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක්ද රතු බිත්තරයක් සඳහා රුපියල් 46 ක් ද වශයෙන් පාලන මිල නියම කර ඇති බවයි, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සෑහිමකට පත් වන බව, සඳහන් කළ පෙත්සම්කාර පාර්ශවය, පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට සූදානම් බව, දන්වා සිටියා.

බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ඉකුත් අගෝස්තු මස නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා අස්කර ගැනීමට බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ගොනු කළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම කරුණු අධිකරණය හමුවේ සඳහන් කළා.