ලාෆ් තීරණය අද – හෝටල්වල ආහාර මිලත් ඉහළ යන ලකුණු

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට සාපේක්ෂව ලාෆ් ගෑස් සමාගමද මිල සංශෝධනය කරන ආකාරය සම්බන්ධයෙන් අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334 කින් ඉහළ දැමීමට තීරණය කළා.
ඒ අනුව එහි නව මිල වන්නේ 4,743 ක්.
කෙසේ වෙතත් පාරිභෝගික ජනතාව චෝදනා කළේ, යළිත් වරක් ගෑස් මිල ඉහළ දැමීම තමන්ට දරාගත නොහැකි බවයි.
මේ අතර ගෑස් මිල වැඩි කිරීම හේතුවෙන් සිය නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කිරීම පිළිබඳ අවසන් තීරණය ද අද ප්‍රකාශයට පත්කරන බව සමස්ත ලංකා ආපනශාලාහිමියන්ගේ සංගමය පවසනවා.
ගෑස් මිල ඉහළ යාමත් සමඟ සිය නිෂ්පාදන හා සේවාවල මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළේ.

