කොටුව උණුසුම් කළ විරෝධතාවය අවසන්

කොටුව උණුසුම් කළ විරෝධතාවය අවසන්

උපයන විට බදු ක්‍රමයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ ඊට අනුබද්ධ ආයතන ඒකාබද්ධව කොළඹ කොටුව ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ විරෝධතාවය අවසන් කර තිබෙනවා.

පැයකට වැඩි කාලයක් විරෝධතාවයේ නිරතව සිටි පිරිස සාමාකාමීව විසිර ගිය බවයි වාර්තා වෙන්නේ.

විරෝධතාකරුවන් කොටුව දුම්රියපළ ඉදිරිපිටට පැමිණ පළමුව විරෝධතාවයේ යෙදුණු අතර පසුව ඔවුන් ගාලු මුවදොරට දෙසට පිවිසෙන මාර්ගයේ ඉදිරියට පැමිණීමට උත්සහ දැරීමත් සමඟ පොලිසිය සහ ආරක්ෂක අංශ ඊට අවස්ථාව ලබාදුන්නේ නැහැ.

එහිදී උණුසුම් තත්ත්වක් ද ඇති වූ අතර ඕල්කට් මාවතේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වුණා.

COMMENTS