සරසවි වරම් ලබන්න ක්‍රීඩාවේ දක්ෂතා අනුව ලකුණුත් ලැබෙයි

ක්‍රීඩාවේ නිරත වන පාසල් දරුදැරියන්ට උසස් අධ්‍යාපනය සඳහා යොමු වීමේදී ඔවුන් ක්‍රීඩාවේ දී දැක්වූ දස්කම් අනුව අමතර ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳ යෝජනාවක් ක්‍රීඩා අමාත්‍යාංශයට යොමුකළ බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පැවසීය.
පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති ක්‍රීඩා සභා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා ඒ බව අවධාරණය කළේය.
“පාසල් ක්‍රීඩාවෙහි නිරත වන දරු දැරියන්ට උසස් අධ්‍යාපනය ලබාදීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා මෙම යෝජනාව ක්‍රීඩා අමාත්‍යංශයට ඉදිරිපත් කළා. ක්‍රීඩාවේ විශිෂ්ඨ දස්කම් දැක් වූ ඇතැම් දරුවන් විශ්ව විද්‍යාල ප්‍රවේශය නොලබන නිසා සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් ලබාදීම මෙම යෝජනාව මගින් අපේක්ෂා කරනවා.
එහිදී කලාප, දිස්ත්‍රික්, පළාත්, ජාතික හා ජාත්‍යන්තර මට්ටමෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයන්ට එම මට්ටම් අනුව ලකුණු ලබාදීමට බලාපොරොත්තු වනවා. ජාත්‍යන්තර මට්ටමෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයකුට ලකුණු 25 ක් ලබා දීමට මේ යටතේ අපේක්ෂා කරනවා.
මෙම වැඩසටහනට සමගාමීව පාසල් දරුවකු පැයක කාලයක් ක්‍රීඩාව සඳහා යොමු කිරීමේ යෝජනාවක් ද ඉදිරිපත් කොට තිබෙනවා. පාසල් කාලයෙන් පසු තවත් අමතර පැයක් වෙන් කරගැනීමටද ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ඉල්ලා තිබෙනවා.” යනුවෙන්

