අද කාලගුණය

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි.
කොළඹ සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.
මේ අතර සුළං ඊසාන දෙසින් හමා එනඅතර සුළඟේ වේගය පැ.කි.මී. (20-30)පමණ අගයක් ගත හැකි අතර මන්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැකියි.
මුහුදේ ස්වභාවය ද මන්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ තරංග කාලය වැඩිවීම හේතුවෙන් රළ පහරේ තරමක ඉහළයාමක් ඇති වියහැකි බවත් සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන්.

