බෝට්ටුවක් පෙරළීමෙන් ගුරුවරියක් මරුට – සිසුන් 3ක් අතුරුදන්

මඩකලපුව – කොක්කඩිචෝලෙයි, තන්තමලෛ ප්රදේශයේ ඇති වැවක දී පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළී ගොස්, එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනකු අතුරුදන් වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, මෙම අනතුර අද (12) පස්වරුවේ සිදුව ඇති බවයි.
මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කාන්තාවක් වන අතර ඇය වෘත්තියෙන් ගුරුවරියක් බවත් අනාවරණය වී තිබෙනවා.
ගුරුවරිය සමග බෝට්ටුවේ ගමන් කර ඇත්තේ පාසල් සිසුන් තිදෙනෙකු වන අතර, ඔවුන්ගේ සිරුරු සොයා මේ වනවිට මෙහෙයුම් ක්රියාත්මකයි.
දියෙහි ගිලුණු ගුරුවරියගේ සිරුර ගොඩබිමට ගසා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්රියාත්මකයි.

