භූ කම්පනයෙන් මියගිය 28,000 අතරට ශ්‍රී ලංකික කතකුත්

තුර්කියට හා සිරියාවට බලපෑ රික්ටර් මාපක 7.8ක ප්‍රබල භූ කම්පනයෙන් දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ සිරුර සොයාගෙන තිබෙනවා.
මීට පැයකට පමණ පෙර එම කතගේ සිරුර එරට ආරක්ෂක අංශ සහ විපතට පත් පිරිස ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් සොයාගනු ලැබුවේ.
එසේ හමු වූ කාන්තා මළසිරුර තම මවගේ බවට ඇයගේ දියණිය විසින් හඳුනාගනු ලැබූ බවත්, ඒ බව තහවුරු කළ බවත් වාර්තා වනවා.
මෙම කාන්තාව තුර්කියට ගොස් ඇත්තේ මීට වසර 20කට පෙරයි.
ඇයගේ උපන් ගම ගලගෙදර ප්‍රදේශයේ වන අතර, මිය යනවිට ඇය 69 හැවිරිදි වියෙහි පසුවුණා.
මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් තුර්කියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මියගිය කාන්තාවගේ දියණියට සහ පවුලේ සාමාජිකයින් වෙත සිය බලවත් ශෝකය පළ කර තිබෙනවා.
මේ අතර තුර්කියට සහ සිරියාවට පසුගියදා බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් අද වනවිට (12) ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 28,000 ඉක්මවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

