එයාර් බෑග් ගැටළුව නිරාකරණය කිරීමට සමාගම් කිහිපයකින් විශේෂ දැනුම්දීමක්

එයාර් බෑග් ගැටළුව නිරාකරණය කිරීමට සමාගම් කිහිපයකින් විශේෂ දැනුම්දීමක්

ධාවනයේ දී වායු බැලූන ක්‍රියාකාරිත්වය ඇතුළු අනාරක්ෂිත බව හේතුවෙන් ලෝකය පුරා ආපසු කැඳවන ලද විවිධ මෝටර් රථ කාණ්ඩ හා මාදිලිවලට අයත් මෝටර් රථ වාහන ලක්ෂ 07කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිටත් (12) මෙරට තුළ ධාවනයේ යෙදෙන බව වාර්තා වෙනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ සඳහන් කළේ වායු බැලූන ක්‍රියාකාරිත්වයේ දී රියදුරාට ඉතා අවදානම් විය හැකි වර්ගයේ මෝටර් රථ ඇතුළු සුපිරි පන්නයේ ජීප් රථ ද මෙලෙස මාර්ගයේ ධාවනය වන බවට තහවුරු වී ඇති බවයි.

මේ අතර එයාර් බෑග්වල පවතින ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කිරිම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මෝටර් රථ සමාගම් කිහිපයක් වාහන මාදිලි කිහිපයක් වෙනුවෙන් නැවත කැඳවීම් කර තිබේ. අදාළ මාදිලිවල වාහනවල පවතින ඉදිරි පස මගී අසුනේ හා රියදුරු අසුනට අදාළ එයා බෑග් මේ අනුව ප්‍රතිස්ථාපනය කරනු ඇත.

ටොයෝටා, හොන්ඩා හා මිට්සුබිෂි යන සමාගම් මෙසේ සිය මාදිලි කිහිපයක් නැවත කැඳවා ඇති අතර ඒ සඳහා වන දැන්වීම් පහත පරිදි වෙයි.