පාස්පෝර්ට් ලබා ගැනීමට පැමිණෙන අයට විශේෂ දැනුම් දීමක්

ආගමන විගමන පාලක ජනරාල්වරයා විදෙස් ගමන් බලපත්ර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබේ.
ඔහු දැනුම් දෙන්නේ, විදෙස් ගමන් බලපත්ර ලබා ගැනීමට හෙට (14) දිනය සඳහා වේලාවක් වෙන් කරගත් පුද්ගලයින්ට සිය දෙපාර්තමේන්තුව වෙත නොපැමිණෙන ලෙසයි.
ඒ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්ර නිකුත් කිරීම ඇනහිටම හේතුවෙනුයි.
ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ අද (13) උදෑසන 10.30 සිට තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස පද්ධතිය බිඳ වැටී ඇති බවයි.
මේ හේතුවෙන් අද එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්ර ලබාගැනීමට පැමිණි පිරිස් දැඩි අපහසුතාවයට පත්ව තිබුණා.

