තැපැල් ඡන්ද පත්‍රිකා බෙදීම ගැටළුවක

තැපැල් ඡන්ද පත්‍රිකා හෙට (15) දිනයේ දී බෙදා හැරීමට නොහැකි වන බව මැතිවරණ කොමිසම, පක්ෂ ලේකම්වරුන්ට දන්වා තිබෙනවා.
ඒ, නියමිත මුදල් ගෙවන තෙක් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.
අද (14) මැතිවරණ කොමිසන් සභාව සමඟ පැවති සාකච්ඡාවේ දී මේ බව දැනුම් දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මාධ්‍යට පවසා සිටියා.
ප්රශ්නය – ඡන්දය සම්බන්ධයෙන් නිශ්චිතයක් නැද්ද?
පිළිතුර :- තැපැල් ඡන්ද පත්‍රියා බෙදාහරින බව අපට කලින් දැනුම් දී තිබුණා. නමුත් මේ සාකච්ඡාවේදී අද කිව්වා මේ තැපැල් ඡන්ද පත්‍රිකා හෙට දිනයේ බෙදාහැරීම් සිදුකරන්න බෑ කියලා.
ප්රශ්නය – ඒ කියන්නේ වෙන දිනයක් දුන්නෙත් නැද්ද?
පිළිතුර:- ඒක මැතිවරණ කොමිෂන් සභාව කතා කරලා තීරණය කරයි. පැහැදිලිව විස්තර කරලා කිව්වා රජයේ මුද්‍රණාලයෙන් කිව්වා කියලා මේ සම්බන්ධයෙන් අවශ්‍ය මුදල් නැතුව එය සිදුකරන්න බෑ කියලා.”යනුවෙන්

