නිෂ්පාදන කිහිපයකට තහනමක්

ලබන ජුනි මස පළමුවනදා සිට වරක් භාවිතකරන ලද ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන 07ක් ආනයනය, නිෂ්පාදනය සහ විකිණීම තහනම්කර තිබෙනවා.
ඊට අදාළ යෝජනාව 2021 වසරේ අගෝස්තු 31 වනදා එවකට සිටි පරිසර අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.
පසුව ඒ සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත්කර නිර්දේශිත වාර්තාවක් ලබාගැනීමට කටයුතු කළ අතර ඒ අනුව ඊයේ (13) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවුණා.
ඒ අනුව එක්වරක් භාවිතකරනු ලබන ප්ලාස්ටික්, බීම බට හා කැලතීමේ උපකරණ හා යෝගට් හැඳි, කෝප්ප, ප්ලාස්ටික් ගෑරප්පු, පිහි, මල්මාලා, සහ ඉඳිආප්ප වට්ටි රට තුළ නිෂ්පාදනය සහ ආනයනය, විකිණීම මෙලෙස තහනම් වනු ඇති.

