පෙම්වතුන්ගේ දිනයේ රෝස මල ගිය උඩ

පෙම්වතුන්ගේ දිනයේ රෝස මල ගිය උඩ

අද පෙම්වතුන්ගේ දිනයයි. අද තමන් ආදරය කරන කෙනාට මොන තරම් තෑගි දුන්නත් රෝස මලක් තිළිණ කරන එක දැන් සිරිතක් බවට පත්වෙලා.

බොහේ දෙනෙක් තම ආදරය සංකේවත් කරන්න යොදා ගන්නේ රතු රෝස මල තමයි. සමහර උදවිය නම් ආදරය පෙන්වන්න රතු රෝස මල් පොකුරක්ම දෙනවා, එහෙමත් නැත්නම් ලස්සනට හදපු මල් කළඹක් දෙනවා, ඒවට ඉතින් අතේ මිටේ යහමින් මුදල් හදල් තියෙන්නත් ඕනේ.

සෑම දෙයකම මිල ගණන් ඉහළ යන වට පිටාවක නැවුම් රෝස මලක් තිළිණ කරන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි.

ඒ අනුව මෙවර පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් සාමාන්‍ය ප්‍රමාණයේ ස්වාභාවික රතු රෝස මලක් රුපියල් එක්දාස් දෙසීයකට පමණ අලෙවි වන අතර කෘතිම රතු රෝස මලක් රුපියල් පන්සියයේ සිට අලෙවි වේ.

සෑම වසරකදීම පෙම්වතුන්ගේ දිනය ඉලක්ක කර ගනිමින් ව්‍යාපාරිකයන් විසින් රතු රෝස මල් සහ සැරසිලි විදේශ රටවලින් ආනයනය කරන නමුත් මෙම වසරේ අලුතින් ආනයන කරන ලද සැරසිලි වෙනුවට පසුගිය වසරේ ඉතිරිවී තිබූ සැරසිලි මිල ඉහළ දමා අලෙවි කරන බව වෙළෙඳපළ ආරංචි මාර්ග පැවසීය