රඳැල්ලේ ත්‍රී රෝද රථ අනතුරක් – 3ක් රෝහලේ

නානුඔය – රඳැල්ල ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් මාර්ගය හරහා පෙරළී යාමෙන් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ (14) රාත්‍රී තලවකැළේ සිට නුවරඑළිය දක්වා ධාවනය වෙමින් තිබූ මෙම ත්‍රී රෝද රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් එම රථය මාර්ගය හරහා පෙරලී ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධියෙන් එහි රියදුරු සහ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකරනු ලැබුවා.
මීට පෙර අවස්ථා දෙකක දී එම ස්ථානයේ රිය අනතුරු 2ක් සිදුවී ඇති අතර ඉන් එක් රිය අනතුරක් වන්නේ කොළඹ ප්‍රධාන පාසලක සිසුන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක් ගොස් යළි කොළඹ බලා පැමිණෙමින් සිටි බස් රථය තවත් වෑන් රථයක ගැටී සිදුවූ අනතුරයි.
ඉන් පුද්ගලයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 53 දෙනෙකු තුවාල ලැබුවා.




