ඉන්දීය ක්‍රිකට් ගැන රහස් හිටපු ලොක්කෙක්ගෙන් එළියට

ඉන්දීය ක්‍රිකට් ගැන රහස් හිටපු ලොක්කෙක්ගෙන් එළියට

‍ක්‍රිකට් තරඟ ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යාතවකින් පසුනොවන ඉන්දීය ක්‍රීඩකයින් එන්නත් ලබාගනිමින් ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරන බවත් එය තහනම් උත්තේජක පරීක්ෂණ මගින් හෙලි කිරීමද අපහසු බව, ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සභාපති චේතන් ශර්මා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඉන්දීය මාධ්‍ය විසින් මේ වන විට අනාවරණය කර තිබෙනවා.

රහසිගත කැමරාවක් උපයෝගී කර ගනිමින් මෙම පටිගත කිරීම සිදුකර ඇති අතර ඒ අනුවයි මෙම තොරතුරු අනාවරණ කරගෙන ඇත්තේ.

ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට පැමිණිමට පොරකෑම නිසාම ශාරීරික යෝග්‍යතාව සියයට සියයක්ම වැඩි කර ගැනිම සඳහා සිය පෞද්ගලික වෛද්‍යවරු මාර්ගයෙන් විවිධ උත්තේජක එන්නත් කර ගන්නා බවත්, එය පරීක්ෂණ වලටද හසු නොවන බවත්ය.

එහිදී ඉන්දීය ක්‍රීඩකයින් එන්නත් මගින් ශාරීරික යෝග්‍යතාවය සපුරා ගැනීම හේතුවෙන් හිටපු ඉන්දීය ක්‍රිකට් සභාපති සෞරව් ගංගුලි සහ විරාත් කෝලි අතර මත ගැටුම් ද නිර්මාණය වූ බව මෙහිදී අනාවරණ වී තිබෙනවා.

2020 වර්සයේ සිට පසුගිය 2022 විස්සයි විස්ස ලෝක කුසලානය දක්වාම ඉන්දීය කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා ලෙසින් කටයුතු කළ චේතන් ෂර්මා මෙම ප්‍රකාශ කර තිබෙන්නේද වත්මන් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉන්දියාව ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස අංශ ත්‍රිත්වයේම පෙරමුනේ පසුවද්දී විම විශේෂත්වයකි.

ක්‍රීඩකයින් ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවුනහොත් ඔවුන් තරග ක්‍රීඩාකරන්න එන්නත් ලබා ගන්නවා. 80%ක ශාරීරික යෝග්‍යතාවයකින් පසු වුණත් ඔවුන්ට මෙම එන්නත ලබාගැනීම නිසා තරඟ ක්‍රීඩා කරන්න පුළුවන්. ඒ නිසා ඔවුන් එන්නත් අරගෙන ක්‍රීඩා කරනවා. වේදනා නාශක නෙමෙයි ක්‍රීඩකයින් ගන්නේ. එම ක්‍රීඩකයින් ගන්නේ එන්නත්. ඒවා හඳුනාගන්න ඉතාමත් අමාරුයි.

වෛද්‍ය පරීක්ෂණවලින් ක්‍රීඩකයින්ට සමත් වෙන්න බැරි වුණොත් ඔවුන්ට තරඟ ක්‍රීඩා කරන්න බැහැ. එසේ වුවහොත් ඔවුන්ට වසර ගණනක් යනකල් යළි කණ්ඩායමේ ස්ථානයක් වෙන් කරගන්න අසීරුයි. වේදනා නාශක තහනම් උත්තේජක පරීක්ෂණවලට හසුවන බැවින් ඊට හොඳම විසඳුමක් ලෙස ඔවුන් මෙම එන්නත් ලබාගන්නවා.