බස් රථ අනතුරක් – 4ක් රෝහලේ

ගිනිගත්හේන – පේරගහමුල්ල ප්රදේශයේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් ගිනිගත්හේන ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතු වී ඇති බව පොලිසිය සඳහන් කළා.

