ඉන්දියාවේ සතුට ICCය උදුරා ගනී

ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දියාව ලොව අංක 1 කණ්ඩායම බවට ‘වැරදි ලෙස’ ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමාව අයැද තිබෙනවා.
ICCය විසින් ප්‍රකාශයට පත් කළ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දියාව අංක 1 බවට පත් වූ බව සඳහන් වීමත් සමග එක්දින, විස්සයි විස්ස හා ටෙස්ට් යන සියල්ලෙහිම පෙරමුණ ගැනීමට ඔවුන් සමත් වීම අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලෙස ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
කෙසේවෙතත් එම සතුට පැවතියේ පැය කිහිපයක් පමණයි.
ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියාව නැවතත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි අංක 1 බවට පත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන්.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඉන්දියාව ටෙස්ට් අංක 1 කණ්ඩායම බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෙබ් අඩවියේ සඳහන් වූ අතර අපහසුතාවයට පත් වූ සියලු දෙනා වෙනුවෙන් සමාව අයැද සිටින බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

