විදුලි බිල නහුතෙට නගී

විදුලි බිල නහුතෙට නගී

ඊයේ (15) සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය විදුලි පරිභෝජන ගාස්තු මිල ඉහළ නංවා තිබෙනවා.

ඒ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ අවසරයකින් තොරව එහි බහුතර සාමාජික කැමැත්ත මතයි.

ඒ අනුව සාමාන්‍ය නිවසක පරිභෝජනය කරන විදුලි ඒකක ගණන 30ක් නම් පැවති ගාස්තුව මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි මුදලකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව නව විදුලි බිල් ගාස්තුව ඒකක 30ක් පරිභෝජනය කරන්නේ නම්, රුපියල් 1300කින් ඉහළ යනු ඇති.

ඒ පැවති ගාස්තුව වූ රුපියල් 360 ද ඉක්මවමින්.

මෙය 261%ක ප්‍රතිශතාත්මක වැඩිවීමක්.

ඒකක ගණන 60ක් නම් පැවති විදුලි බිල් ගාස්තුව රුපියල් 780 සිට රුපියල් 2560 තෙක් ඉහළ ගොස් තිබෙනවා.

මෙය ප්‍රතිශතාත්මකව ගණනය කළහොත් 228%කින් විදුලි බිල වැඩිවීමක්.

ඒකක 90ක් වූ විදුලි පරිභෝජනයේ නව ගාස්තුව වන්නේ රුපියල් 3920ක් වන අතර ඒකක 120ක් නම් එය රුපියල් 6270ක් දක්වා ඉහළ යනු ඇති.