ඩෙංගු දැඩි අවදානම් තත්ත්වයක්

මේ වසරේ ඊයෙ දිනය දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 3500 කට අධික සංඛ්‍යාවක් වාර්තාවී තිබෙනවා.
මේ අතරින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර යන ප්‍රදේශවලින්.
ඊට අමතරව මාතර, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, පුත්තලම, කෑගල්ල, රත්නපුර සහ අම්පාර යන දිස්ත්‍රික්ක වලින් ද වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම දිස්ත්‍රික්ක 12 දැඩි ඩෙංගු අවදානම් තත්ත්වයක් ඇති දිස්ත්‍රික්ක ලෙසයි නම් කර ඇත්තේ.
2023 වර්ෂයෙ මේ දක්වා දිවයිනේ නන් දෙසින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3637ක්.

