රග්බි ලෝක කුසලානය ලංකාවට

2023 රග්බි ලෝක කුසලානයේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන වෙබ් එලිස් කුසලානය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
ඒ අනුව එය අද (18) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත රැගෙන ආ බවයි ගුවන් තොටුපල ආරංචි මාර්ග
වාර්තා කලේ.
වෙබ් එලිස් කුසලානය අද උදෑසන කටුනායක ගුවන් තොටුපලේ සිට කොළඹට රැගෙන ඒමට නියමිතයි.
පසුව එය කොළඹදී ජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව මහනුවරට රැගෙනයාමට නියමිතයි.

